හින්දු දහමේ සැඟවුනු අභ්‍යන්තර රහස් - The Inner Teachings Of Hinduism
Revealed - පොතේ හතරවන පරිඡ්චේදයේ දෙවෙණි කොටසේ පරිවර්ත්නය " ශ්‍රී ක්‍රිෂ්ණා
එකවර සිරුරු 16,000ක් මවාගන තම බිරින්දෑවරුන් 16,000ක් සමග එකම මොහොතේ
සංවාසයේ යෙදුනාද? ඒ සෑම බිරිඳකටම දරුවන් එකොලහක් ලැබුණාද? "
භගවතා පුරාණයේ සුඛ මහාසෘෂි විසින් පරිශ්චිත් රජතුමාට ( ක්‍රිෂ්ණා විසින්
මලවුන්ගෙන් නැගිටවූ පරිශ්චිත් රජතුමාට ) ශ්‍රී ක්‍රිෂ්ණාගේ රස ලීලාවේදී
ක්‍රිෂ්ණා ගෝපීන් දස දහස් ගණනක් සමග ලිංගිකව හැසිරුණු ආකාරය විස්තර
කරද්දී පරිශ්චිත් රජතුමා විමතියට පත්වී " මෙච්චර අධ්‍යාත්මික - මෙච්චර
පිරිසිදු විදියට පෙනී ඉන්න ක්‍රිෂ්ණා ඒවාගේ සමාජ සදාචාරයට මානුෂිකත්වයට
නොගැලපෙන අශීලාචාර අශෝබන ක්‍රියාවක් කලේ ඇයිද? " කියා මහසෘෂිගෙන් විමසයි.
-
මෙහිදී සුඛ මහාසෘෂි පරිශ්චිත් රජතුමාට පැහැදිළි කරන්නේ " ගින්දරින් මොන කුණු
කන්දල් පිච්චුවත් ගින්දර අපිරිසිදු වෙන්නේ නෑ වගේ අධ්‍යාත්මිකව සම්පූර්ණයෙන්
අවදිවුනු කෙනෙක් එයාගේ ක්‍රියාවන් වලින් අපිරිසිදු වෙන්නේ නෑ. ක්‍රිෂ්ණා හැම
ගෝපියෙක් තුලම දකින්නේ තමන්වම පමණයි. ක්‍රිෂ්ණා ලිංගිකව හැසිරුනේ මේ විශ්වයේ
පරමපවිත්‍ර සර්වබලධාරියා සමග පමණයි විදියට ක්‍රිෂ්ණා දකින්නේ " කියායි
හින්දු පුරාණයට අනුව ක්‍රිෂ්ණා සමග සංවාසයේ යෙදුනු සෑම බිරිඳක්ම - සෑම
ගෝපිකාවක්ම දරුවන් එකොලොස් දෙනෙක් බැගින් ලදහ. දරුවන් දස දෙනෙක් පිරිමි
දරුවන් වුන අතර එක දරුවෙක් පමණක් ගැහැණු දරුවෙක් විය. ගැහැණු දරුවාගෙන්
සංකේතවත් කෙරෙන්නේ ක්‍රිෂ්ණාගේ සමග සංවාසයේ යෙදෙන තැනැත්තියගේ මූලාධාර
චක්‍රයයි. ඉතිරි දරුවන් දස දෙනාගෙන් සංකේතවත් කෙරෙන්නේ තන්ත්‍ර විද්‍යාවේ
එන ශක්ති මධ්‍යස්තාන එකොලහෙන් ඉතිරි දහයයි. ( දරුවන් දහදෙනා නියෝජනය කරන
ශක්ති මධ්‍යස්තාන එකොලහ හඳුනාගන්නට රූපය බලන්න )
ගුරු මන්ත්‍රය : Guru Mantra Chant
"ගුරු බ්‍රහ්මා, ගුරු විෂ්ණූ, ගුරුදේවෝ මහේෂවරා. ගුරුසාක්ෂාත්
පරබ්‍රහ්මා. තස්මහී ශ්‍රී ගුරුවේ නමහා. " තේරුම: "භගවත් සාක්ෂාතකරණය ලද
ගුරුවරයා අධ්‍යාත්මිකව බ්‍රහ්ම, විෂ්ණු, ශිව ත්‍රිමූර්තියට සමානය.
ත්‍රිමූර්තියට සමාන මගේ ගුරුවරයාගේ දෙපා නමදිමි..." භගවත් සාක්ෂාත්කරණය
ලද ගුරුවරියගේ දෙපා වන්දනාව සරස්වතී, ලක්ෂ්මී, පාර්වතී ත්‍රිමූර්තිය
වන්දනාවට සම වේ
නිමක්නැති සසර සයුර තරණයට මට නෞකාවක් වන්නාවූ විරාගය මාතුල උපදවන ගුරුභක්තිය
මාතුල උපදවන්නට හේතුවන මගේ ගුරුගේ මිරිවැඬි සඟලට නැවත නැවතත් නමස්කාරවේවා -
ගුරුපාදුකා ස්තෝත්‍රය සිංහල තේරුම සමග මෙතනින් අහන්න
තෛලෝක විජය අසිපතකින් ලබමු!
පරන ටයර් චිතකය කොට දැව්වාට
පණ ගැහෙනා සිරුර ගිණිදෙවි පිදුවාට
හැට දහසක්ම පර ලෝකෙට යැව්වාට
තරහා නැතුව දෙමි සේවය හැමදාට
පණ ගැහෙනා සිරුර ගිණිදෙවි පිදුවාට
හැට දහසක්ම පර ලෝකෙට යැව්වාට
තරහා නැතුව දෙමි සේවය හැමදාට
Comments
Post a Comment